ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නන්
සිදාදියේ කොච්චි බස් වලට නගින්නන්
උගුරට දුක දැනෙන්නෙ නෑ සින්දු කියන්නං
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නන්
අම්මා ගෙදර ඉන්නකෝ මන් කාසි එවන්නං
කරගැට ආවම ගිටාරේ සද්දේ එන්නේ නෑ
ඒ කාලෙට කවි කියනවා පාඩු වෙන්නේ නෑ
ණයට ගන්න පහළ කඩෙන් මාම බනින්නෑ
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නේ නෑ
ගමේ අයට නොතේරෙන්න............
පෝය ලගයි සිදාදියේ කොඩි ලෙලදෙනවා
කල්තියාම සිල් රෙද්දක් අරන් තියනවා
අලුත් තාලේ සිංදු වලට කාසි ලැබෙනවා
අම්මට මන් තෝඩු දෙකක් අරගෙන එනවා
ගමේ අයට නොතේරෙන්න............
Wednesday, July 17, 2013
Tuesday, July 16, 2013
Chamara Ranawaka සුරුවම අයිනේ
සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා ඉටිපන්දම් දිය වෙනවා
සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා
හුලන් ඇදෙන කොට මුහුද දිගේ පැල ඇතුලට වෙනවා
අම්මත් එක්කල හෙමින් සැරේ මන් ඔරසන් කියවනවා
ලස්සන ලස්සන සේද වලාවෝ නගරෙට පාවෙනවා
සමිදුන් මට තනි තරුවක් එව්වද පැල්පත බැබලෙනවා
සුරුවම අයිනේ.............
බඩගින්නක් මට දැනෙන්නේ නෑ මේ නත්තල් කාලේ
වෙරළේ වාදී වී මුහුද දිහා මම බලනවා හැම වාරේ
සමිදු පුදන්නට ඉටිපන්දම් නෑ එකයි මන් නාවේ
අප්පා ආපුවම පල්ලියේ එන්නං අහන්න විනාදේ

Chamara Ranawaka සිදාදියේ
සිදාදියේ නුබ දුටුවට මන් ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මන් යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සම්ච්චලේටද හිනා උනේ //
කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ
අම්මා හොදට මහල දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමේ ගහලා තියේන කටුව පෙන්නෑ
සෙරප්පු දෙක හොදට ගෙවිලා දැක්කොත් හරි නෑ
සිදාදියේ ............
ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ
බකිණි මලක් වගේ මුණ අමතක වෙන්නෑ
ආයේ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
අඩන් නැතුව කදුළු ආවේ කොහොමද දන්නෑ
සිදාදියේ ............
අම්මා එක්ක නුවර වදින්නයි මන් යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සම්ච්චලේටද හිනා උනේ //
කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ
අම්මා හොදට මහල දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමේ ගහලා තියේන කටුව පෙන්නෑ
සෙරප්පු දෙක හොදට ගෙවිලා දැක්කොත් හරි නෑ
සිදාදියේ ............
ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ
බකිණි මලක් වගේ මුණ අමතක වෙන්නෑ
ආයේ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
අඩන් නැතුව කදුළු ආවේ කොහොමද දන්නෑ
සිදාදියේ ............
Subscribe to:
Posts (Atom)