සිදාදියේ නුබ දුටුවට මන් ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මන් යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුනේ
දුප්පත් මට සම්ච්චලේටද හිනා උනේ //
කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ
අම්මා හොදට මහල දුන්නා ඒකට බය නෑ
උඩ බොත්තමේ ගහලා තියේන කටුව පෙන්නෑ
සෙරප්පු දෙක හොදට ගෙවිලා දැක්කොත් හරි නෑ
සිදාදියේ ............
ගෙදර ආව තමයි ආවේ කොහොමද දන්නෑ
බකිණි මලක් වගේ මුණ අමතක වෙන්නෑ
ආයේ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
අඩන් නැතුව කදුළු ආවේ කොහොමද දන්නෑ
සිදාදියේ ............
No comments:
Post a Comment