Wednesday, July 17, 2013

Chamara Ranawaka ගමේ අයට නොතේරෙන්න

ගමේ අයට නොතේරෙන්න නුවරට යන්නන්
සිදාදියේ කොච්චි බස් වලට නගින්නන්
උගුරට දුක දැනෙන්නෙ නෑ සින්දු කියන්නං
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නන් 
අම්මා ගෙදර ඉන්නකෝ මන් කාසි එවන්නං

කරගැට ආවම ගිටාරේ සද්දේ එන්නේ නෑ 
ඒ කාලෙට කවි කියනවා පාඩු වෙන්නේ නෑ 
ණයට ගන්න පහළ කඩෙන් මාම බනින්නෑ 
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නේ නෑ 

ගමේ අයට නොතේරෙන්න............

පෝය ලගයි සිදාදියේ කොඩි ලෙලදෙනවා 
කල්තියාම සිල් රෙද්දක් අරන් තියනවා 
අලුත් තාලේ සිංදු වලට කාසි ලැබෙනවා 
අම්මට මන් තෝඩු දෙකක් අරගෙන එනවා 

ගමේ අයට නොතේරෙන්න............

No comments:

Post a Comment