කදුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා
ඔබම සොයලා රැයම ගෙවිලා
සිහින අවතැන් වෙලා
හමුවන්න බෑ ඔයා සැගවී මෙදා
තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා
කදුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා
රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා
කදුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා
යළි නොඑන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
තාමත් අතීතේ මා නැවතිලා
කදුළු පිරිලා...............
No comments:
Post a Comment