Tuesday, September 10, 2013

La Signore (මොට්ටු ) - Lahiru Perera

මාතලේ හැදුවා මම ගේ තට්‌ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනවා නංගිව මට්ටු

සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
මොට්ටුවට මතුරලා ඔංරිං කට්ටු
මොට්ටු දී ඈ හට උනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු

කටකැස්ම වී මා ලෝකෙට පේනවා
තලුමරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු එහෙ මෙහෙ අත මා දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

උන් දෙන්න වගුරනවා කදුළු සතුටු
ඉතිරි උනේ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනවා රැම්බෝ පාට් ටු

ඒකාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොණ්ඩේ උනානේ පොකුටු
තුන් වේල කන්නේ දාලා සීට්ටු
හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු

කටකැස්ම වී මා..................//



No comments:

Post a Comment