තාමත් මුනගැහුනේ නැතත්
දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාළුව
අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ //
මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් මුනගැහුනේ නැතත් .........
No comments:
Post a Comment