ආයෙත් හඩන්න කදුලක් උනන්න
ඇයි අපි මේ හමු වන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනෙ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
ඒකයි මන් ඔබෙන් වෙන් වෙන්නේ
ආඩම්බර රුව දැකලා සිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කතා
අපේම ලොවේදී අපි මුණ ගැසේවි
සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදෙවී මං ඉකිබිදිවී
අපි ඈතයි සැමදා
ආයෙත් හඩන්න........
සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා
අපේම ලොවේදී අපි මුණ ගැසේවි
සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදෙවී මං ඉකිබිදිවී
අපි ඈතයි සැමදා
ආයෙත් හඩන්න........
No comments:
Post a Comment